#සුදීක්ෂා නොතේරුණු අය වෙනුවෙන්.... ද්විත්ව පෞර්ෂය කියන මානසික රෝගී තත්ත්වය ගැන දන්නවද ඔයාලා?
බහු පෞර්ෂයත් ඒ වගේමයි... psychological thriller category එකට ආස අය නම් මේ ගැන හොඳට දන්නවා... එක කෙනෙක් විටින් විට තමන්ගෙ මනසින්ම මවාගත් පෞර්ෂයන් ඇතුළෙ ජීවත් වෙනවා... රසාංග රන්දුනු දහනායක කියන්නෙත් ඒ බහු පෞර්ෂය කියන මානසික රෝගී තත්ත්වයේ ඉන්න කෙනෙක්... සුධීක්ෂාව දැකපු දවසෙ එයා තුළින් එළියට ආපු පෞර්ෂය තමයි අවිනාෂ්... එයා අවිනාෂ් වුණේ සුධීක්ෂා ඉන්න තැන්වලදි විතරමයි.... ඒකට හොඳම උදාහරණය තමයි ඒ හොටෙල් එකට ගිහින් සරත් එක්ක කතා කළේ රසාංග විදියට.. එයා හැසිරුණේ ඒ හොටෙල් එකේ අයිතිකරු විදියටම තමයි.. එයා කිව්වෙත් එයාගෙ යාළුවෙක්ගෙ පෙම්වතියක් එනවා කියලා.. සරත් ඇහුවා කාලෙන් කාලෙට එක එක යාළුවො ඉන්නවනෙ කියලත්. මතකද ? රසාංග තුළින් කලින් සවීන් කියලා පෞර්ෂයක් මතු වෙලා තියෙනවා.. හැබැයි සහේලි ඒ දේ දැනගෙන රසාංග අතින් මිය ගිහින් තියෙනවා.. ඉතිං ඒ මතකය යටි හිතේ තැන්පත් වුණු නිසා අවිනාෂ් කියන පෞර්ෂයටත් බලපෑමක් වුණා.. එතනදි තමයි වැරදීමකින් සුධීක්ෂාව මැරුණෙ... ඒත් අවිනාෂ් කියන පෞර්ෂය උත්සාහ කළා සුධීක්ෂාගෙ මතකය එක්කම ජීවත් වෙන්න... හැබැයි අවසානෙදි රසාංගගෙ ඩැඩීගෙ කෝල් එක නිසා එයාට මතක් වුණා තමන් සවීන්වත් අවිනාෂ්වත් නෙවෙයි කියලා... සවීන් ඇමරිකාවට ගියා කියන මතකය ඇවිත් තියෙන්නෙ රසාංගගෙ දෙමව්පියෝ එහේ ඉන්න නිසා... කොහොමහරි අවසානෙ රසාංගට ඇහුණෙ ඩැඩීගෙ කටහඬින් මමී ගැන කියපු දේවල් නිසා ඊළඟට එයා තුළින් එළියට ආවෙ බහ තෝරන දරුවෙක්ගෙ පෞර්ෂයක්.... මේ වගේ ඇත්ත සිදුවීම් මේ ලෝකෙ වෙලා තියෙනවා ළමයි.. ටිකක් හොයලා බලන්නකො.. 🥹 සමාවෙන්න මගෙ කතාව රහ නෑ කියලා හිතුණා නම්.. 😔💔
මම අහිංසා 🌻
0 Comments
No comments yet. Be the first to comment!