සුදීක්ෂා epi 09

Blog Image
By Ahinsa Stories      Novels (නවකතා)

0️⃣9️⃣ කොටස ❛❛ ආ... මේ වතුර එක බොන්න... අයියෝ ඔච්චරටම බය වෙන්න දැකපු හීනෙ මොකක්ද ? මම කොහේවත් ගියේ නෑනෙ..❜❜ ❛❛ ඔ.. ඔයා කොහේවත් යන්නත් එපා... මට ඔයාව ඕන මැණික... ❜❜ සුදීක්ෂා දුන් වතුර වීදුරුවත් එක හුස්මටම බිව් අළු ඇස් දඩබ්බරයා ඇඳ මත ඉඳගෙන සිටි කෙල්ලට තුරුළු වුණේ කෙල්ලට හිතන්නවත් ඉඩක් නොතියා.. සිදු වෙන්නේ කුමක්දැයි කියාවත් හරිහැටි අවබෝධයක් නැති සුදීක්ෂා පුදුමයෙන් ටික වේලාවක් බලා හිඳ දඩබ්බර අළු ඇස් කොල්ලගෙ හිස ආද⁣රයෙන් පිරිමැද්දා.. ❛❛ සනීපයි.... ❜❜ දෑස පියාගෙන අළු ඇස් දඩබ්බරයා කිව්වෙ හරිම සන්සුන් හඬකින්.... ❛❛ මොකක්ද? ❜❜ ❛❛ ඔයා ළඟ... ❜❜ ❛❛ ම්ම්ම්... චුට්ටක් නැඟිටින්නකෝ... ❜❜ ❛❛ ඇයි? ❜❜ ❛❛ මම ඇඳුමක් දාගෙන එන්නම්... ❜❜ ❛❛ මේ ඇඳුම හොඳයි... සුවඳයි... සනීපයි... ❜❜ ❛❛ ඇස් ඇරලා බලන්නකො ඇඳුමක්ද කියලා... ❜❜ ❛❛ කෝ.... ❜❜ දෑස විවර කර අළු ඇස් දඩබ්බරයට සිනහව නවතා ගත නොහැකි වුණා.... තමන් සිහිනෙන් බිය වී කෑ ගැසූ නිසාම බියට පත්වූ කෙල්ල සුදු පැහැ කෙටි තුවායත් ඇඟේ දවටගෙන නානකාමරයෙන් පිටතව දිව විත් තිබුණෙ සිරුරෙහි තෙතවත් මාත්තු නොකරමයි.. ❛❛ මොකද මෝඩයො හිනාවෙන්නෙ... කෑ ගහපු සද්දෙට මම බය වුණා කවුරුහරි බෙල්ල මි//රිකලවත්ද කියලා.. ❜❜ ❛❛ අනේ අනේ චණ්ඩියා.. මාව බේරගන්නද ආවෙ....? ❜❜ ❛❛ ඔව්... ඇයි මට බැරිද ? ❜❜ ❛❛ අපෝ පුළුවන්... මෙන්න මෙහාට එනවා පණ්ඩිත ආච්චි... ❜❜ එකවරම කෙල්ලව තමා දෙසට ඇදගත් අළු ඇස් දඩබ්බරයා කෙල්ලව සිරකර තුරුළු කර ගත්තෙ කෙල්ලට සිහින් කෙඳිරියක්ද නැඟෙන තරම් වැරෙන්... ❛❛ මම මැ//රෙයි හුස්ම හිර වෙලා.... ❜❜ ❛❛ එහෙම වෙන්නෙ නෑ... මම ඉන්නවනෙ.. ❜❜ ❛❛ ඇත්තටම ඔයා මගේ කවු ද? ❜❜ ❛❛ කවුරු වෙනවටද කැමති ? ❜❜ දඩබ්බර අළු පාට ඇස් මොකක්දෝ අමුතු හැඟීමකින් කෙල්ලගෙ ඇස්වලට එබුණා.... ❛❛ මගේ ජීවිතේ පළවෙනි වගේම අවසානත් ආදරේ ඔයා වෙනවට... මහෙම මාව තුරුළු ගත්තු පළවෙනි වගේම අවසානම පිරිමි පපුවත් මේක වෙනවට...❜❜ කෙල්ල හරි ආදරෙන් කිව්වෙ තව තවත් ඒ පපුවට ගුලි වෙමින්... ❛❛ ඔයාගෙ සතුට ඒක නම් ඔයාගෙ අවසාන හුස්ම වෙනකංම මම ඔයා ළඟින්ම ඉන්න පොරොන්දු වෙනවා... ඇත්තමයි... ❜❜ අළු ඇස් දඩබ්බරයා තමන්ට තුරුළුව ඉන්න අහිංසකීගේ උරහිස මත සිපුමක් තැබුවෙ හරි ආදරෙන්.... ❛❛ මට ඔයාව විශ්වාසයි... ❜❜ ❛❛ මේ ලෝකෙ කාවවත් විශ්වාස කරන්න එපා කෙල්ලෙ... ඔයා එහෙම නොකර ඉන්න තාක් ඔයා හරි පරිස්සම්.... ❜❜ ❛❛ ඇයි එහෙම කියන්නෙ ? මම ඔයාව විශ්වාස කරන්න එපාද ? ❜❜ කෙල්ල දුකින් වගේ අළු පාට ඇස් දිහාම බැලුවා... ❛❛ එදා ඔයා අර මිනිහා දිහා චුට්ටක්හරි සැකෙන් බැලුවා නම් , කොහෙවත් ඉන්න මිනිහෙක් ඇයි මෙච්චර හිතවත්කමක් පෙන්නන්නෙ කියලා හිතුවා නම් අද මේං මේක නෑනෙ... ❜❜ අළු ඇස් දඩබ්බරයා කෙල්ලට රිදෙන නොරිදෙන ගානට වෙළුම්පටි බැඳ තිබූ හිසෙහි තුවාලය ඇල්ලුවා.... ❛❛ ආව්.... මෝඩයා.. රිදෙනවා මට... ❜❜ ❛❛ රිදෙන්න තමයි ඇල්ලුවෙ.. පණ්ඩිත ආච්චි... ❜❜ ❛❛ කොයිදේත් වෙන්නෙ හොඳටනෙ... එදා එහෙම නොවුණා නම් අද මට මේ සැනසීම නෑනෙ... ❜❜ පළවෙනි වතාවට අළු ඇස් දඩබ්බරයාට කෙල්ලගෙන් හාදුවක් ලැබුණා.. ඒකත් ⁣සිහින් රෝම පිරුණු රළු පපුවට... ඒ වගේ හාදු හරි බරයි.... මුළු ආත්මයම ඒ නමට ලියන්න හිතෙන තරමටම බරයි.... ❛❛ මේ... ඒක නෙවෙයි.. කෝ ශීනා ? ❜❜ අළු ඇස් දඩබ්බරයා කෙල්ලව තුරුළු කරගෙනම වටපිට බැලුවා... ❛❛ අර.... ❜❜ කෙල්ල ඇඟිල්ල දිගු කළේ විවෘත වූ නානකාමරය දිහාවට.... ❛❛ අප්පේ... දැන් ඉතිං වරුවකට ශීනාව ඕකෙන් එළියට ගන්නවා බොරු... බාත් ටබ් එකට වතුර පුරවලා දුන්නොත් දවසම වුණත් ඉඳීවි... මරු මරු... අක්කයි නංගියි ඩබල හොඳට මැච් වෙනවා....❜❜ උදෑසන අවදි වී ඇඟ සෝදාගෙන පිරිසිදු වීමට ගිය සුදීක්ෂා සමඟම ශීනාත් නානකාමරයට ගොස් තිබුණා.... ****************************************** ❛❛ අම්මෝ ඔයාගෙ කෑම ටික නම් නියමයි සුදීක්ෂා... පුදුම රසක්... අපේ හොටෙල්ස්වල චෙෆ්ලා උයන්නෙ මොනවද හිතෙනවා.. ඒ තරමට රසයි... ❜❜ අළු ඇස් දඩබ්බරයාගෙ කුසටත් වඩා හිත පිරී තිබුණා.... ❛❛ අනේ ඒත්... ❜❜ ❛❛ ඇයි ඒත් කියන්නෙ? ❜❜ ❛❛ මට හැමදාම මෙහෙම ඉන්න බෑනෙ....❜❜ ❛❛ ඇයි බැරි ? මම විතරයිනෙ මේ ගෙදර ඉන්නෙ... ශීනාත් හරි එකතුයි ඔයා එක්ක.. කාන්ති අදත් නැති එකේ එයාට දිගටම එන්න එපා කියමු.. එතකොට මට හැමදාම ඔයාගෙ රස කෑම කන්න පුළුවන්.... ❜❜ ❛❛ කෑම නම් හදලා දෙන්නම් අනේ.. මම කිව්වෙ මටත් ජොබ් එකක් කරන්න ඕන කියලා... ❜❜ ❛❛ ආ.... ඒකද... මම ඊයෙ ඔයාට ජොබ් එකක් බැලුවා.. කියන්න අමතක වුණානෙ... මගේ යාළුවා බලන හොටෙල් එකේ... රිසෙප්ෂනිස්ට් වේකන්සි එකක් එනවා නෙක්ස්ට් වීක් ඉඳලා.. දැනට ඉන්න ගර්ල් මැරි කරන නිසා අයින් වෙනවලු.. ඉතිං මං ඔයාව එතනට දාන්නම්... ❜❜ ❛❛ අනේ ශෝයිනෙ... ඔයාට ගොඩාක් පිං මං වෙනුවෙන් මේ කරන හැමදේටම... ❜❜ කෙල්ලගෙ දෑසම සතුටු කඳුළින් පිරුණා... ❛❛ මේ ආච්චියේ... හවසට ඔය බැන්ඩේජ් එක අයින් කරවගන්න යන්න ඕන... ලෑස්ති වෙන්න හොඳේ.... ❜❜ ❛❛ ම්ම්ම්.... හා... ❜❜ ❛❛ හා නෙවෙයි... ඔයා මොකද මගෙ නමවත් අහන්නෙ නැත්තෙ ? ❜❜ ❛❛ ඉතිං මං ඔයාගෙ නම දන්නවනෙ... ❜❜ කෙල්ල හරි සතුටින් කිව්වෙ දෑසත් ආඩම්බරයෙන් ලොකු කරගෙන.. ❛❛ මොකක්ද ? ❜❜ ❛❛ රසාංග රන්දුනු දහනායක... ❜❜ ඒ නම ඇසෙනවාත් සමඟම අළු ඇස් දඩබ්බරයා බඩ අල්⁣ලගෙන හිනා වුණේ සුදීක්ෂාවත් පුදුම කරමින්.... කෑම කන ගමන් සිටි ශීනා පවා කොල්ලා දිහා බැලුවෙ පුදුමයෙන් වගේ... ❛❛ කො... කොහෙන්ද ඒ නම හොයාගත්තෙ? ❜❜ හිනාව වැඩිකමට කොල්ලට කතා කරගන්නත් බැරි ගානයි... ❛❛ හොස්පිටල් එකේ නර්ස් කිව්වෙ.. ඇයි හිනාවෙන්නෙ? ❜❜ කෙල්ල ඇහුවෙ ⁣සියුම් තරහක්ද සිතේ ඇති වෙද්දිමයි... ❛❛ අනේ මෝඩි... ඒ ඔයාව හොස්පිටල් ඇඩ්මිට් කරපු කෙනානෙ... ❜❜ යාන්තමින් සිනහව නතර කරගත් අළු ඇස් දඩබ්බරයා පැවසුවා... ❛❛ එ... ඒ කියන්නෙ? ඔයා නෙවෙයිද මාව ඇඩ්මිට් කළේ? ❜❜ ❛❛ නෑ මෝඩියේ.... එදා මං අමතක වෙලා වොලට් එක ගෙදර දාලා ගිහින්... ඉතිං අයි ඩී එක ළඟ තිබුණෙ නෑ.. ඒ නිසා මගෙ යාළුවා රසාංග තමයි ඔයාව ඇඩ්මිට් කරලා සයින් කළේ... මෝඩි... මං කිව්වනෙ එකපාර කාවවත් විශ්වාස කරන්න එපා කියලා... ❜❜ ❛❛ එතකොට ඔයාගෙ නම රසාංග නෙවෙයිද ? ❜❜ ❛❛ නෑ ළමයො නෑ.... රසාංග බලන හොටෙල් එකේ තමයි මම ඔයාට ජොබ් එක බැලුවෙ... රසාංගයි මායි සවීනුයි එකට බිස්නස් කරන්නෙ... හොටෙල්ස් හතම අපේ අප්පච්චිගෙනෙ.. අප්පච්චි නැති වුණාට පස්සෙ මට තනිවම හැමදේම මැනේජ් කරගන්න බෑ කියලා හිතුණා.. ඒ නිසා යාළුවො දෙන්නටත් ටිකක් බෙදලා දුන්නා.. හැබැයි දැන් සවීන් නම් නෑ.. මාස හතර පහක් වෙනවා රසාංගයි මායි හවුලෙ සේරම බැලන්ස් කරගෙන යනවා... මම රසාංග නෙවෙයි.. මගෙ නම අශ්වින්.. ❜❜ ❛❛ අශ්වින් ? ❜❜ ❛❛ ඔව් අනේ... ඔච්චර කල්පනා කරන්න දෙයක් නෑ මගෙ රූම් එකේ ඩ්‍රසින් ටේබල් එක උඩ ඇති මගෙ වොලට් එක... ඒකෙ තියෙන අයි ඩී එක අරන් බලනවා... මම අශ්වින්... මම කිව්වනෙ කලින්ම ඔයාට.. ඔයාගෙ තියෙන ලොකුම දුර්වලකම තමයි කිසි දෙයක් හරියට හොයලා නොබලා විශ්වාස කරන එක.... දකින ඇහෙන හැමදේම ඇත්ත නෙවෙයි.... තේරුම් ගන්න...❜❜ ❛❛ මට සමාවෙන්න අශ්වින්.... ❜❜ අළු ඇස් දඩබ්බරයා කියූ සියල්ල අසාගෙන සිටි කෙල්ල සමාව ඉල්ලුවෙ ගොඩාක් දුකින්... ❛❛ අනේ කෙල්ලෙ.. සමාව ඉල්ලන්න ඔයා වරදක් කළේ නෑනෙ මැණික.. මම කිව්වෙ ඔයාගෙම හොඳටම... දැන් යන්නකො ටිකක් රෙස්ට් කරන්න... අපි හවසට යමු බැන්ඩේජ් රිමූව් කරන්න... ඔයා කැමති නම් එහෙම්මම අපි යමු නුවරඑළියේ... ❜❜ ❛❛ නුවරඑළියේ ? ❜❜ කෙල්ලගෙ දෑස පුදුමයෙන් විසල් වුණා... ❛❛ ඔව්... අපේ බන්ග්ලෝ එකක් තියෙනවා එහේ.. කාලෙකින් ගියේ නෑ... වීකෙන්ඩ් එක ඉඳලා එමු.. ඔයයි මායි ශීනායි.... ❜❜ ****************************************** ❛❛ ආ... සුදු මහත්තයා... අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක නුවරඑළි යන්නද කල්පනාව ? ❜❜ කාමරයට පැමිණි අශ්වින්ට දැක ගත හැකි වුණේ කහ පැහැ දුහුල් සාරියකින් සැරසී සිටි සහේලි තම සයනය මත ඉඳගෙන සිටින අයුරුය... ❛❛ අලුත් ? අලුත් නෙවෙයි.. මට හිටපු සහ ඉන්න එකම කෙල්ල ඒ... ❜❜ තරහින්ම කාමරයේ දොර වසා දැමූ අශ්වින්ගේ අළු පාට දෑස පුපුරන්නට තරමේ කෝපයකින් පිරී තිබුණා... ❛❛ එතකොට මම ? ❜❜ සහේලි⁣ගේ හඬ හැඬුම්බරයි... ❛❛ ත//මුසෙ ? ත//මුසෙට පිස්සුද සහේලි? ත//මුසෙට ඔළුවෙ අමාරුව තිබ්බට මට පිස්සු නෑ මගෙ හොඳම යාළුවගෙ කෙල්ල එක්ක මගුල් නටන්න... අච්චර හොඳට ආදරෙන් හිටපු සවීනයා ත//මුසෙව දාලා යන්න ඇත්තෙත් ත//මුසෙගෙ ඔන්න ඔය වේ# කම නිසා.... ❜❜ ❛❛ මට ඔහොම කතා කරන්න එපා.. ඔයා හොඳටම දන්නවා මම ඔයාට කොච්චර ආදරෙයිද කියලා... ❜❜ ❛❛ ආදරේ.... ආදරේ බ//ම්බුව... මම මේ ත//මුසෙට කතා කරනවා හොඳ වැඩියි... ❜❜ ❛❛ අනේ... ප්ලීස් තේරුම් ගන්න.. මම ඔයාට හරි ආදරෙයි... මට ඔයාව ඕන... මගෙ ළඟට එන්න... ප්ලීස්... ❜❜ සහේලි අශ්වින් ඉස්සරහ හඬා වැළපුණා... ❛❛ සහේලි... මේ අහනවා.. මම ත//මුසෙට කවදාවත් ආදරේ කළෙත් නෑ.. කරන්නෙත් නෑ... ප්ලීස්.. මම වැඳලා කියන්නම්.. මට මගේ අර අහිංසක කෙල්ල එක්ක පාඩුවෙ ඉන්න දීලා කරුණාකරලා මේ ගෙදරින් යනවා... ආයෙ එන්න එපා.. මට මේක මහ වදයක්... ❜❜ අශ්වින් දෑත් එක් කර වැඳලා සහේලිට කිව්වෙ වෙන කරන්නම දෙයක් නැති නිසා.... ❛❛ ඒකද ඔයාගෙ අන්තිම තීරණේ ? ❜❜ දෑතින්ම කඳුළු පිසදාගත් සහේලි අශ්වින්ගෙ අළු පැහැ දෑස දෙසම හොඳින් බැලුවා... ❛❛ ඔව්... නැත්නම් මම පොලීසියට ගිහින් කම්ප්ලේන් කරනවා ත//මුසෙ හැමදාම මගෙ ගෙදරට බලෙන් ඇතුළු වෙනවා කියලා... ඊට පස්සෙ අපි මේ ප්‍රශ්නෙ විසඳගමු... ❜❜ අශ්වින් දැඩි ස්වරයකින් කිව්වත් සහේලිගේ මුහුණෙනම් ඇඳුණෙ සමච්චල්සහගත සිනහවක්.... ❛❛ පුළුවන් දෙයක් කරන්න... පොලීසි නෙවෙයි කොහේ ගියත් මම ඔයාව හොයාගෙන එනවා එනවාමයි... ඔයා මගේ.. එච්චරයි.. ❜❜ ****************************************** කතාව අවදානෙන්ම කියවපු අයව හොයාගමු අපි දැන් 😌 බලමුකො කවුද මේ කොටසෙ තියෙන ලොකුම පටලැවිල්ල දැක්කෙ කියලා 🫣 _ මම අහිංසා 🌻

0 Comments

No comments yet. Be the first to comment!

Leave a Comment