♡↮අහිමි පෙම↮♡
🥀01🥀
🖤🌹🖤🌹🖤🌹🖤🌹🖤🌹🖤🌹🖤🌹🖤🌹
ලලිතා ලලිතා.....කෝ....කාගෙන් අහලද මේ ගැණිට මේ ගේ ඇතුලට එන්න ඉඩ දුන්නේ ලලිතා......😡
අනේ අප්පච්චී.....
උබේ කටෙන් මට අප්පච්චී කියන්න එපා.....බැහැපන් එළියට මගේ ගෙදරින්....
අනේ අප්පච්චී....මට මෙහෙම කරන්න එපා මගෙ අප්පච්චී....මට සමාවෙන්න.....
උබට සමාවක් දෙන්න.....?අපේ මුණවල් වල දැලි ගාලා එපා කියද්දී උබට හිතු මනාපෙට කසාදයක් කර ගත්තනේ නේද....?දැන් ඒ දිගේ කටු ගාගෙන ආයේ මෙහෙ ආවේ මොකටද.....?උබ ඌ එක්ක යද්දි උබට කිව්වනේ ආයේ මෙ පැත්ත පලාතක පස් පාගන්න එපා කියලා...බැහැපන් එළියට මගේ යකා අවුස්සන්නේ නැතුන්....
අනේ අප්පච්චී....😭😭😭😭
අනේ අපේ මහත්තයෝ කෑ ගහන්න එපා දෙයියනේ....අහල පහල ගෙවල් වල උනුත් එයි දුවගෙන.....
ඉතින් ආපුදෙන්....අපිට තවත් ලැජ්ජා වෙන්න දෙයක් නෑනේ.....මෙකි අපිට අවුරුද්දකට විතර කලින් ලැජ්ජා කරලා ඉවරයිනේ....අපිට අපේ පොඩි එකාවවත් හදා ගන්න දීලා බැහැපන් කරුණා කරලා එළියට.....
අනේ අප්පච්චී මං කොහේ කියලා යන්නද...?මං ඉන්න තැනක් හොයා ගන්නකල් මට ඉන්න දෙන්න...මං පුලුවන් ඉක්මනට මෙහෙන් යන්නන්.....
🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶
🖤පහන්ගි ඇයට වයස 23යි ඇය අරෝශ්ට බොහෝ සෙයින් ප්‍රේම කරා....පාසල් කාලයේ පටන් ගත් ප්‍රේමය වසර 5කට පසු කෙලවර වූයේ පහන්ගිගේ ගෙදර අයගේ අකමැත්තෙන් විවහා දිවියට එළඹි යි....අරෝශ් තම පවුලට නොගැලපෙන බව පවසා පහන්ගිගේ පියා අරෝශ්ට අකමැති උනා....එත් ඇය පියාගේ වචනය තැකුවේ නැත....ඇය අරොශ්ගේ ආදරයෙන් අන්ධ වෙලයි සිටියේ....පහන්ගිගේ ගෙදර අය අකමැති වූවත් අරොශ්ගේ ගෙදර අයගෙන් විරෝධයක් තිබුනේ නෑ....කසාද බැද මාස කිහිපයක් ගත වේගෙන යද්දී අරෝශ් ටිකින් ටික වෙනස් උනා....පහන්ගි පාසල් දිවියේ ප්‍රේම කරපු අරොශ් සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ගත්තා....බීමතින් පැමිණ ඇයට හිරි හැර කරන්නට පවා උනා....අරෝශ්ගේ මවත් ඔහු මෙන්ම ටිකෙන් ටික වෙනස් වෙන්නට ගත්තා....ඇයත් පහන්ගිට වෙනස් කම් කිරිමට පටන් ගත්තා....සුන්දර යැයි සිතා සිටි විවහා ජීවිතය එහෙම් පිටින්ම අපායක් උනේ ඇගේ ඇස් ඉදිරි පිටයි.....තාමත් කසාද නොබැද සිටි අරොශ්ගේ අක්කා තව තවත් ඇවිලෙන ගින්නට පිදුරු දාන්නියක් විය....ඇය පහන්ගිගේ නැති වැරදි හොයමින් අරොශ්ගේ අම්මව ඇවිස්සුවේ පහන්ගිව නිවසින් පන්නා දැමිමේ යටි අරමුණෙනි.....අවසානයේ පහන්ගිට දැන ගන්නට ලැබුනේ අරොශ් සේවය කරන ස්ථානයේ කාන්තාවක් සමග සම්බන්දයක් පටන් ගෙන ඇති බවයි....ඇයට අරොශ්ව මුලු මනින්ම අප්පිරියා වී ගියේ ඔහු තම අනියම් පෙම්වතිය සමග තනියම අනුරාධපුරයේ ගිය බව ආරංචි වූ දිනයේයි....ඒ ගොස් සති දෙකකට පසු ඔහු නැවත නිවසට පැමිණියේ ඔහුගේ අනියම් පෙම්වතියද කැටුවයි....ඉන් පසු ඇති වූ ගැටුම් රාශියකට පසු පහන්ගි ඇගේ ජීවිතේ අමාරුම තිරණයක් ගැනීමට පෙළඹුනා....ඒ අරොශ්ගෙන් දික්කාසාද වීමටයි....ඇය අරොශ්ගෙන් දික්කාසාදය ඉල්ලු සැනින් ඔහු එයට කැමති උනා....දික්සාදය රැගෙන යෑමට තැනක් නොමැති පහන්ගි නැවත පැමිණියේ තම මව ලගටයි....මව ඇයව භාර ගත්තත් පියා එයට අකමැති වූයේ....ඔහුගේ හිතේ පහන්ගි විසින් අවුලන ලද ගින්දර තාමත් නිවි නොමැති නිසායි....🖤
🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶
අක්කේ.....🥺🥺🥺
අනේ මගේ මල්ලී.....🥺🥺🥺
කොයි වෙලේද ආවේ අක්කා....?
දැන් පැය භාගෙකට කලින් ආවේ මල්ලි....
අම්මයි අප්පච්චී මොකො කිව්වේ....?
අම්මනම් මුකුත් කිව්වේ නෑ මල්ලි....හොදටම ඇඩුවා....එත් අප්පච්චී....
ඇයි අප්පච්චී මොකො කියන්නේ....?
මට යන්නලු මල්ලි....අනේ මට දැන් යන්න තැනක් නෑ මල්ලි....මං මොකක් හරි ජොබ් එකක් හොයාගෙන ඇනෙක්ස් එකක් හොයා ගන්න ඕනේ.....
ම්ම්ම්....අප්පච්චී කෑ ගැහුවට එයා ඔයාට ආදරෙයි අක්කේ....එයා දැන් දුකට ඔය කෑ ගහන්නේ....
ඔව් මල්ලි මං දන්නවා...එත් මං නිසා ඔයාටත් ලැජ්ජා වෙන්න වෙයි....පුලුවන් ඉක්මනට මං මෙහෙන් යනවා මගේ මල්ලි....
අනේ අක්කේ මේ.....😑
පුලුවන් නම් මට ගමන්ට් එකක හරි කමක් නෑ ජොබ් එකක් හොයලා දෙන්න බැරිද මල්ලි.....?ඔයාගේ යාළුවෙක්ගෙන් හරි අහලා බලන්න බැරිද....?
ම්ම්ම්ම්....ගාමන්ට් යන්න පිස්සූද බං...ඉගෙනගෙන නැතුන් නෙමෙයිනේ...හොද තැනකින් ජොබ් කට්ටක් හොයා ගමු....
අනේ මල්ලි හොද තැන් වල රස්සා ගන්න එක්ස්පිරියන්ස් ඕනේ කියනවා....මට පුලුවන් ඉක්මනට ජොබ් එකක් හොයා ගන්න ඕනේ හලෝ....
ම්ම්...මේ අක්කේ ඔයා බියුටී කොර්ස් එකක් කරානේ ඉතින් සැලුන් එකක වගේ ජොබ් එකක් සෙට් කරලා දෙන්නද....?
අනේ මල්ලි පුලුවන් නම් කොච්චර දෙයක්ද....?
අපි බලමු....අපේ පංතියේ කෙල්ලෙක්ගේ අම්මා කෙනෙක්ට සැලුන් එක්ක් තියෙනවා....ටවුන් එකේ සදූ සැලූන් එක දන්නවද අක්කා....?
ආ ඔව් මං දන්නවා බස් හොල්ට් එක උඩ තට්ටුවේ තියෙනේ ඒකනේ....?
අන්න හරි ඒක තමයි....මං හෙට සදුනි එක්ක කතා කරලා කියන්නන්කෝ....
අනේ හා මල්ලි....මල්ලිට හුගක් පිං...මං මේ වෙලාවේ හුගක් අසරණයි මල්ලි....
අනේ මේ පිස්සි....මට පිං දෙන්නෙ තමුසෙ මගෙ අක්කා....මේ කෝ තාම ඇදුම් බැග් මෙතන දෙනවා මං කාම්බරේට ගිනියන්නන්.....
මල්ලි....එත් අප්පච්චී.....🥺
අයියෝ මේ විකාර හිතන්නේ නැතුන් එනවා තමුසේ ඇතුලට....අප්පච්චී දුකට බං කෑ ගහන්නෙ......
හුම්ම්ම්ම්......
🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶
🖤 දවස් දෙකකට පසු පැමිණි සෙනසුරාදා දිනයේ පහන්ගි ඇගේ මල්ලි වූ පහන් සමග ටවුන් එකට යෑමට සැරසුනේ සැලුන් එකේ රැකියාවක් ලබා ගැනිමෙ අරමුණිනි.....ඇය අවුරුද්දක් පමණ කාලයක් ඇගේ නිවස හැර ගොස් සිටියත්....නිවසේ තිබුනු ඇගෙ සියළු දේ එලසම තිබුනි.....ඇගේ සහතික මිටිය අවුස්සා ඇය කල රූපලාවණ්‍යය ඩිප්ලෝමා සහතිකයත් සමග අනිකුත් අධ්‍යාපන සහතිකද ඇය පිළිවලකට ෆයිල් කවරයක අතුරා හැන්ඩ් බැගයට දමා ගත්තේ සැලුන් එකේ රැකියාව ලැබුනේ නැතිනම් වෙනත් තැනක හෝ රැකියවක් සොයා ගැනිමේ අරමුණින් යුතුවයි.....පහන්ගිගේ අප්පච්චී ඇය සමග ගෙවුනු දින දෙකටම එකදු වචනයක්වත් කතා නොකල අතර ඔහු පහන්ගිව දුටුවත් මවට බැන වදින්නට වූයේ පහන්ගි සමග තිබු කෙන්තියටයි....🖤
🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶
හායි ආන්ටි....මේ මගෙ අක්කා පහන්ගි.....
ආ එන්න ඉද ගන්න පුතේ....දුව ඔයත් ඉද ගන්නකෝ ඉතින්.....අපේ දූ කිව්වා පහන්ගේ අක්කට ජොබ් එකක් හොයනවා පුලුවන්නන් සැලුන් එකේ ජොබ් එකක් දෙන්න කියලා....
අනේ ඔව් මිස්....මං මේ දවස් ටිකේ ප්‍රශ්න ගොඩක ඉන්නෙ එකයි....
අනේ ළමයෝ.....මං දුවේ කියලා කතා කරද්දි මට මිස් මැඩම් කියන්න ඕනේ නෑනේ.....නේද ආන්ටි කියලා කතා කරන්න තෙරුනාද....?
ඔව් ආන්ටි....
හරි දුව බියුටි කොර්ස් එකක් එහෙම කරලා තියෙනවද....?
ඔව් ආන්ටි....මේ තියෙන්නේ මගෙ සෙටිෆිකට් එක....
ම්ම්ම්ම්.....සෙටිෆිකට් එකකුත් තියන කෙනෙක් මගේ ලග වැඩට ගන්න තියෙන එක හොදයි.....මුල ඉදන්ම උගන්නන්න ඕනේ නෑනේ....අපේ දූ කිව්වා පහන්ගේ අක්කා මැරි කරලා කියලා....
ඔව් ආන්ටි....මං මැරි කරලා හිටියේ....එත් පෞද්ගලික ප්‍රශ්න වගයක් උන නිසා මං හස්බඩ්ගෙන් ඩිවොස් උනා...එයා ලගදිම වෙන කෙනෙක් මැරි කරන්න ඉන්නේ.....ගෙදරට බරක් වෙන්න මට බෑ ආන්ටි ඒකයි මං ජොබ් එකක් හොයන්නේ....
හුම්.......ඔව් ඉතින් ඔය වගේ ප්‍රශ්න ඕන තරම් සිද්ද වෙනවනේ....පහන්ගි පසු තැවෙන්න එපා....මගේ ලග දැනට ගර්ස්ලා තුන් දෙනෙක්ම වැඩ පහන්ගි....පහන්ගිට පේනවත් ඇතිනේ.....මෙතන ලොකු ඉඩක් එහෙමත් නෑ....මෙතන ඉන්න ගර්ල් කෙනෙක් ලගදිම මැරි කරලා යන්න ඉන්නේ....ඉතින් එයා ගියාම මං පහන්ගිට කොල් කරලා පණිවිඩේ දෙන්නන්.....මට පහන්ගිගෙ නම්බර් එක දීලා යන්නකො....අනික පහන්ගි හොදට ඉගෙන ගත්තු කෙනෙක්නේ....ඉතින් මං කොල් කරනකල් තව ජොබ්ස් වලට ඇප්ලයි කරලා තියන්න....
හරි ආන්ටි....මේ මගේ නම්බර් එක....
හරි මං පහන්ගිට කොල් එකක් දෙන්නන්කෝ.....
එහෙනන් ආන්ටි තව ටිකකින් මට ක්ලාස් අපි ගිහින් එන්නන්....
හරි පුතෙ පරිස්සමින්....මං දුවට කොල් එකක් දෙන්නන්කො....
හරි ආන්ටි ගිහින් එන්නන්....
🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶
🖤පහන්ගි සැලුන් එකෙන් පිට උනේ හිතේ දුකිනි....ඒ පහන්ගි කසාද බැද දික්කසාද වූ ගැහැණියක් බව පැවසු විට සදුනිගෙ මවගේ තිරණය වෙනස් වෙන්නට ඇතැයි ඇයට සිතුනු නිසායි.....පහන්ගිව බස් එකට දැමු පහන් පිටව ගියේ අමතර පංතියට සහභාගි වීමටයි....පහන් යන තුරු සිටි පහන්ගි බසයෙන් බැස ගත්තේ වෙනත් රැකියාවක් හො සොයා ගැනිමේ අරමුණිනි....පෞද්ගලික ලීසිං ආයතන සහා බැංකු කිහිපකයටම ගොස් බැලුවත් ඒ කිසිදු තැනක වර්කසී තිබුනෙ නෑ....දහවල් 2කත් පසු වෙලා ඇයට කුසගින්නක් දැනුන නිසා ඇය ත්‍රිවිල් ස්ටැන්ඩ් එක ලග තිබු පුංචි අවන්හල වෙත ගියේ කුමක් හෝ දෙයක් ආහාරයට ගැනිමටයි....🖤
🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶🔸🔶
ඒ.....හායි පාහන්ගියෝ....... -: හෙට මෙතැන් සිට හමුවෙමු.....
🌹🤍🌹 ...RedRose...🌹🤍🌹
දවසක් මතකද නුබේ සෙනෙහස අරන් හොරහින් මගේ හිත ලග නැවතුනා...
නුබේ සෙනෙහස දැනුන මොහොතේ
මාත් නුබ ලග නැවතුනා...
ඒදා දැනුනේ රටක් දිනුවා කියා මසිතට
සත්තයි මම සැනසුනා...
අපේ වෙන්න ට ඉක්මනින් අපි ලස්සන හින දැක්කා
ලොවට හොරහින් මතතකද දවසක් අපි අපේ උනා....
නුබේ සෙනෙහස මහමෙරක් මසිත පිලිගත්තා
ඒ නිසාම හිමියනි මට වැදු මව්ත් අමතක උනා...😢😢
හිතුවෙ නැති ලෙස අපේ ලොකයේ ටික ටික ගිනි ඇවිලුණා
නුබේ සෙනෙහස අඩුව යද්දි මගේ අම්මා සිහිඋනා....💔
දිනෙන් දින මගේ ලෝකයේ කදුලු බිදු වැඩි උනා
වෙනදා මෙන් අඩන්න එපා මැණික කිව තාත්තා සිහි උනා...😢😢
මගේ ලෝකේ මම තනි වෙනකොට අනේ තාත්තේ කිය උනා😢😢
අම්මා මතක් වෙන්නගද්දි පපුව මැද්දේ පිච්චුනා..❤️🔥
කදුලු දුන්නට නුබලා දෙන්නට දෙවියෝ මට දඩුවම් කරා😢
නුබලා තරම් ආදරේ දෙන්නට කවුරුත් නැති බව අනේ තාත්තේ සිහි උනා....😢
මගේ අම්මේ සමාවෙනවද අනේ මම අද තනි වෙලා😢
අනේ තාත්තේ සමාවෙනවද නුබේ දුව අද තනි වෙලා...💔💔
නුබේ තුරුලට ආවා මම අද නොයමි ආයේ කිසි දිනේ
ඉස්සර සෙනෙහස තවම එහෙමයි නැනේ කිසිදා අඩු වෙලා ❤️
රජුන් නුබයි මගේ ලෝකේ කිරුල පලදමි තාත්තේ ❤️
රැජින නුබයි මගේ ජිවිතේ කිරුළ පලදිමි මගේ අම්මේ ❤️ .....
.... නිර්මලි රත්නායක ....
Thank මැණික නිසදැසට 😘